brand logo

පෑලියගොඩ ආසාදිතයින් වැඩිවෙන්න හේතුව මෙන්න

24 October 2020

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැළ ආශ්‍රිතව පසුගිය දින 4 තුළ ආසාදිතයින් 471කු වාර්තා වු බවත් එය පස්ගුණයක වැඩිවීමක් බවත් කොළඹ මහානගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි. එමෙන්ම කොළඹ නගරයේ පළමු පෙළ ආශ්‍රතයින් සියලුදෙනා පොරොත්තු ලේඛනයක නොතබා පරීක්ෂණ කටයුතු සිදුකිරීමට කටයුතු කර ඇති බවද වෛද්‍යවරයා සඳහන් කරයි. පසුගිය මාර්තු මාසයට වඩා මේ වන විට වෛරසයේ බෝ වීමේ ප්‍රවනතාව වැඩි වී ඇති බවද පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැළ ආශ්‍රිතව වෛරසය වෛරසයේ බෝ වීමේ ප්‍රවනතාව වැඩි වුයේ එම පරිසරය තුළ වෛරසයට වර්ධනය වීමට පහසුවන ශීත පරිසරයක් පැවතිම බවද ඒ මහතා පැහැදිලි කළේය. එමෙන්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැළ ආශ්‍රිතව රෝග ව්‍යාප්තිය වැඩි වශයෙන් පෙන්නුම් කරන්නේ එහි සේවකයින් සහ වෙළෙඳුන්ගේ බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
 

More News..