brand logo

පෑලියගොඩින් කොට්ටාවට ගෙනා මාළු මුදලාලිට කොවිඩ්

25 October 2020

කොට්ටාව හොරණ පාරේ මාළු වෙළඳසැලක හිමිකරුට කොරෝනා වෛරසය වැළඳීම හේතුවෙන් එම වෙළඳසැල අද (25) දා මුද්‍රා තැබීමට කටයුතු කර ඇත. එම වෙළඳ සැලේ හිමි කරු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මාළු රැගෙන ආ බව සොයාගෙන ඇත. පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා මේ බව සඳහන් කරනවා. මේ අනුව කොට්ටාව නගරයේ වසා දැමූ දෙවන මාළු වෙළඳසැල මෙය බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කරනවා. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමග එම ස්ථානයට ආ ගිය බව පැවසෙන දිවයින පුරා මාළු වෙළඳාමේ නිරත පුද්ගලයින් පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ අතර ,ඊට සමගාමීව ඉකුත් 22 දා ,පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී සිදුකළ පි.සී.ආර් පරීක්ෂණයේ වාර්තාවට අනුව මෙම පුද්ගලයාට රෝගය ආසාදනය වී ඇති බවට 25 දා වාර්තා වී තිබුනා. එම මාළු වෙළඳසැලට මුද්‍රා තබා නිවාස පහක ආශ්‍රිතයින් 11දෙනකු ස්වයං නිරෝධනයට යොමුකර ඇත.
 

More News..