brand logo

පැහැරගත් මෝටර් රථයක් කැළෑබද ප්‍රදේශයකින් හමුවෙයි

15 April 2021

පැහැරගත් මෝටර් රථයක් කැළෑබද ප්‍රදේශයක දමාගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ. ප්‍රවාහන පහසුකම් ලබාගැනීම සඳහා වාහනය ගෙන්වා ගෙන ඊයේ (14) රියදුරුට පහරදී රථය පැහැරගෙන තිබුණි. අනතුරුව අදාළ මෝටර් රථය පලෙයි පොලීසිය විසින් සොයාගෙන තිබුණේ කිලිනොච්චිය, පලෙයි අයියකච්චි ප්‍රදේශයේ කැළෑබද ප්‍රදේශයකදීය. එම මෝටර් රථය කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් එකක් බව පැවසෙන අතර කොළඹ සිට රථයේ පැමිණ ඇති සැකකරුවන් රන්දෙණිගල ප්‍රදේශයේදී පැහැර ගැනීම සිදුකර ඇත. සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.
 

More News..