brand logo

පැහැරගත් දියමන්තියේ සැබෑ අයිතිකාරයා අප්‍රිකානුවෙක්

23 March 2019

මාකඳුරේ මධුෂ්ගේ මෙහෙයවීමෙන් මහරගම ඇරැව්වලින් පැහැරගත් දියමන්තිය මෙරටට රැගෙන විත් අැත්තේ දකුණු අප්‍රිකානු ජාතිකයකු බවට තොරතුරු වාර්තා වේ. ඔහු සිය ගමන් මල්ලේ සඟවාගෙන ආ එම දියමන්තිය ගුවන්තොටුපොළ රේගු නිලධාරින්ගේ පරීක්ෂාවේදී හසුව ඇති අතර පසුව එය ගොඩින් බේරා ගැනීම සඳහා අත්අඩංගුවට ගත් නිලධාරියා සමග අතයට ගනුදෙනුවක් කරගෙන අැත. එහෙත් එම මුදල ලබා දීමට අප්‍රිකානුවා සතුව මුදල් නොමැති වීම නිසා දියමන්තිය රේගු නිලධාරියා ළඟ තබා ඔහු ආපසු සිය රටට ගොස් ඇත. එම අප්‍රිකානුවාට මෙම දියමන්තිය හමුව ඇත්තේ එරට පතලකින් වන අතර එය හොර රහසේ මෙරටට රැගෙනවිත් ඇත්තේ වටිනාකම සඳහන් කර සහතිකයක් ලබා ගැනීමටය. කෙසේ වෙතත් අදාළ දියමන්තිය අත්අඩංගුවට ගත් රේගු නිලධාරියා එය ලිපිගොනුවලට ඇතුළත් නොකර තබාගෙන ඇත්තේ එය ආපසු ලබාදීම සඳහා අප්‍රිකානුවා පොරොන්දු වූ මුදල රැගෙන එන තෙක්ය. එහෙත් අප්‍රිකානු ජාතිකයා පැමිණ නැත. පසුව රේගු නිලධාරියා සිය හිතවත් මැණික් ව්‍යාපාරිකයකු වන මහරගම ඇරැව්වල ප්‍රදේශයේ පදිංචි දැනට හිමිකාරිත්වයක් කියන ක්‍රිෂාන් පීරිස්ට ලබා දී ඇති බව වාර්තා වේ. පසුව අප්‍රිකානුවා මෙරට තැරැව්කරුවකු මාර්ගයෙන් එවකට ඩුබායිහි සිටි මාකඳුරේ මධුෂ්ට සිද්ධිය දැනුම් දීමෙන් පසු මැණික් ව්‍යාපාරිකයාගෙන් දියමන්තිය පැහැර ගැනීමට ලක්ව ඇති බව වාර්තා වේ. දියමන්තිය මධුෂ්ගේ කල්ලිය කොල්ල කෑ මොහොතේ එහි හිමිකරු කියන ක්‍රිෂාන් පීරිස් නමැති අය පොලිසියට පැමිණිලි කරමින් කියා තිබුණේ තමන් සෞදියේ සේවය කළ ප්‍රකෝටිපතියකුගේ නිවසේ පස්ගොඩක තිබී එය තමාගේ භාණ්ඩ පැටවූ පෙට්ටියක් තුළ දමා මෙරටට එවූ බවය.
 

More News..