brand logo

පැවිදි වෙස් ගෙන සම්මාදමේ ගිය පුද්ගලයා පොලීසිය ඉදිරියේ දනින් වැටේ

21 July 2021

බෞද්ධ භික්ෂුවකගේ වෙස් ගෙන සිටි අයකු පොලිසියේදී දොහොත් මුදුන් දී මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයාට වැඳ නමස්කාර කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව කුලියාපිටිය පොලිසිය පැවසීය. කොවිඩ් අවදානම පැවතියදී බෞද්ධ භික්ෂුවක දරුවන් දෙදෙනකු ද සමග ගෙයින් ගෙට සම්මාදමේ යෑමට විරෝධය පෑ ගම්වැසියන් පිරිසක් ඒ පිළිබද පොලිසිය දැනුම්වත් කිරීමෙන් පසු පොලිසිය විසින් ජීප් රථයකින් අදාළ භික්ෂුව හා සහයකයින් පොලිසිය වෙත රැගෙන ගොස් ඇත. සුදු පිරුවට සමග සුදුසු ආසනයක් පනවා ඒ පිළිබද ප්‍රශ්න කිරීමේදී මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයාගේ අසුන ළඟට ගිය අදාළ හිමිනම හැඬූ කඳුලින් වැඳ නමස්කාර කර ‘අනේ මහත්තයෝ, මට සමා වෙන්න. මාව බේරගන්න යැයි බැගෑපත්ව ඉල්ලා ඇත. දුර බැහැර සිට ගම්මාන වෙත ගොස් මගදි මිලට ගත් සිවුරක් හැඳ එසේ සම්මාදමේ යෙදුන බව නැවත ප්‍රශ්න කිරීම ආරම්භ කිරීමේදී එම චීවරධාරීයා විසින් පිළිගෙන ඇත. භික්ෂූන්වහන්සේලාගෙන් මේ පිළිබද විමසීමෙන් අනතුරුව ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා විසින් චීවරය ඉවත්කර ගිහි ඇඳුමක් අන්දවා සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
 

More News..