brand logo

පැරදුන තරඟය අමතක කරන්න එපා - ඒකෙන් දෙයක් ඉගෙන ගන්න

04 June 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන තරය අද පැවැත්වීමට නියමිතයි. ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගය. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතයි. මෙම තරගයට පෙර ලසිත් මාලිංග මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ. ප්‍රශ්නය - ලසිත් කණ්ඩායමේ ඉන්න ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් හැටියට නවසීලන්ත තරගයෙන් ලැබී පරාජයෙන් පසු කණ්ඩායම කොහොම පරාජය පස්සට දාලා ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට සූදානම් වෙන්නේ ? ලසිත්ගේ පිළිතුර - අපි දැන් අවුරුදු එකහමාරක් දෙකක් විතර කියනවා එකක් පැරදුනා ඒක පස්සට දාන්න. තව එකක් හිතන්න කියලා. එහෙම ක්‍රිකට් ගහන්න බැහැ. පැදුරන දෙයින් දෙයක් ඉගෙන ගන්න ඔ්නේ. ඉගෙන ගන්නේ නැතිව, ඒක අමතක කරලා පස්සට දැම්මොත් හැමදාම මේ වගේම යන්න පුළුවන් වෙයි. ඉතිං මම හිතනවා, මට වගේම, මම ලෝක කුසලාන 4ක් ක්‍රීඩා කලත් මට හෙට තියෙන පීඩනය දැනෙන් ඔ්නේ හැම ක්‍රීඩකයෙක්ටම. පීඩනයක් නැතිව ක්‍රිකට් ගහන්න බැහැ කොහේවත්.
 

More News..