brand logo

පැරදුනත් දිමුත් ඉදිරියෙන් - දිනපු මාලිංගත් ඉදිරියෙන්

09 April 2019

ලෝක කුසලානය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි පළාත් පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් ඉතිරිව තිබෙන්නේ තරග දෙකක් පමණියි. ඒ තුන්වැනි ස්ථානය වෙනුවෙන් පැවැත්වෙන තරගය සහ අවසන් මහා තරගය වේ. තැන්වැනි ස්ථානය දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මහනුවර කණ්ඩායම සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම තරග වැදීමට නියමිතය. එම තරගය හෙට (10) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලියේ අවසන් මහා තරගය දිනේශ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම සහ ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ගාල්ල කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබේ. එම තරගය ලබන 11 වැනිදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලියේ මේ වන විට පිත්තෙන් වැඩිම දක්ෂතාවය දක්වා තිබෙන්නේ මහනුවර කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න විසින්ය. දිමුත් තරග 3කදී ලකුණු 165ක් ලබාගෙන ඇති අතර, ඊට එක් අර්ධ ශතකයක් ද ඇතුළත් වේ. වැඩිම කඩුළු දවාගත් පන්දු යවන්නා වන්නේ ගාල්ල කණ්ඩායමේ නායක ලසිත් මාලිංග විසින්ය. ඔහු තරග දෙකකදී පමණක් කඩුළු 8ක් දවාගෙන ඇති අතර, දඹුල්ල කණ්ඩායමට එරෙහිව පමණක් කඩුළු 7ක් මාලිංග විසින් දවාගැනීම කැපීපෙනන සිදුවීමක් බවට පත්විය. මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතයට අවස්ථාවක් ලැබීමට වැඩි ඉඩකඩක් ඇති ක්‍රීඩකයින් කිහිපදෙනෙකුගේ නම් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් සදහන් කර ති‌බේ. එම නම් පහතින් බලන්න...., ලසිත් මාලිංග, දිමුත් කරුණාරත්න, අකිල ධනංජය, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ පෙරේරා සහ ශෙහාන් ජයසූරිය වේ. වැඩිම ලකුණු රැස්කර ගත් පිතිකරුවන්ගේ වාර්තාව වැඩිම කඩුළු දවාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුව පහතින් බලන්න....
 

More News..