brand logo

පැරණි ආණ්ඩුකාරවරයෙකුගෙන් ගුටි පූජාවක්

16 December 2019

හිටපු ආණ්ඩුකාරවරයකු වූ රෙජිනෝල්ඩ් කුරේ පානදුර වාද්දුව ප්‍රදේශයේ සිදුවූ ‘ගුටි කෙළියක’ ගුටි අනින්නෙකු බවට පත්වී සිටියේ ය. මේ ආකාරයට රෙජිනෝල්ඩ් කුරේ ‘ගුටි ඇනුමට’ මැදිවූයේ වාද්දුවේ නිවසක සංවිධානය කර තිබුණු රැස්වීමක් ඇමතීමට යද්දී ය. එම රැස්වීම ජනාධිපතිවරණයේදී ගෝඨාභයට සහය දැක්වූවන්ට ස්තුති කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූවක් වූ නමුත් සැබැවින්ම ගෝඨාභයට සහය දැක්වූවන් රෙජිනෝල්ඩ් කුරේ ඊට සහභාගී වනවාට විරුද්ධ වී තිබුණි. ඒ ඔහු ගෝඨාභය ලත් ජයග්‍රහණයේ පෙරගමන්කරුවකු වූ බව ‘පෙන්වීමට’ ගියත්, සැබැවින්ම ඔහු එසේ නොවූ බැවිනි. මෙහිදී ප්‍රදේශවාසීන්, රෙජිනෝල්ඩ් ගමන්ගත් රථය අවහිර කරමින්, ඔහු රැස්වීමට සහභාගීවීම වළක්වන්නට උත්සහ කරද්දී, වාහනයෙන් බැසගත් රෙජිනෝල්ඩ් උද්ඝෝෂකයන් හමුවට ගොස් ඔවුන්ට පහරදීමට පටන්ගත්තේ ය. අවසානයේදී එය ‘එකම ගුටිකෙළියක්’ බවට පත් වූ අතර එම ස්ථානයට රැස්ව සිටි පිරිස ‘හූ’ කීවෝය. අවසානයේදී පොලීසිය මැදිහත්වී ‘ගුටි කෙළිය’ සමතයකට පත් කළත්, රෙජිනෝල්ඩ්ට රැස්වීම අමතන්නට වූයේ ‘නොනැවතුණ හූ හඬක්’ මධ්‍යයේ ය. කෙසේවෙතත් රෙජිනෝල්ඩ්ට සවන්දීම සඳහා එම රැස්වීමට පැමිණ සිටි පිරිස මෙන් පනස් ගුණයක් පමණ පිරිසක් පාරේ සිට ‘හූ’ කීම සඳහා සහභාගී වී සිටියහ. කෙසේවෙතත් මෙහිදී ප්‍රදේශවාසීන් පැවසුවේ මෙසේ ය. ‘‘මේ පැත්තෙන් ගෝඨාභය ජනාධිපතිතුමාට වැඩ කළේ ජගත් අංගගේ... දැන් ඒකට රෙජිනෝල්ඩ් අනුමෝදන් වෙන්න එනවා...’’ කියා ය.
 

More News..