brand logo

පැය 24ක විශේෂ මෙහෙයුමකින් බීමත් රියදුරන් 284ක් අත්අඩංගුවට

21 July 2019

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ පැය 24ක වි‍ශේෂ මෙහෙයුමෙන් බීමත් රියදුරන්‍ 284ක් අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය පැවසුවේ ඊයේ (20) උදෑසන 6.00 සිට අද (21) උදෑසන 6.00 දක්වා පැය 24ක කාලය තුළ මෙම රියදුරන් අත්අඩංගුවට ගත් බවයි. බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම පසුගිය පස්වනදා සිට ආරම්භ කළ අතර, අද දින දක්වා බීමත් රියදුරන් 4387ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කළේය.
 

More News..