brand logo

පැය 20න් හදපු මෝටර් සයිකලේ

07 May 2021

May be a closeup of 1 person, hair, beard, standing, outerwear and suitලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන කතාව වෙනස් කරපු සෑබෑම දක්ෂයන් අපට මුණ ගැසීමට අවස්ථාව තිබෙනවා.මේ එවන් දක්ෂයෙක්. ඔහු වෘතියෙන් ඡායාරූප ශිල්පියෙක් වන හිමන්ෂු ගුණරත්න.ඡායාරූපයෙන් එහා ගිය ඔහු සතු තවත් හැකියාවක් සහ දක්ෂතාවක් එක් වූ නිර්මාණ කිහිපයක් මේ........ අපි ඔබව දන්නේ Child Photographer කෙනෙක් විදියට, දැන් මොනවද මේ කරන්නේ... මේ සියල්ලට මගේ හිත නැඹුරු වෙන්නේ කොරෝනා කාලය නිසා. මුල් කොරෝනා කාලය තුළ මම හිතුවා කාලයට වටිනාකමක් එකතු කරන්න මොනවද කරන්න පුළුවන් කියන එක. එතකොට මට ඉස්සෙල්ලම හිතට ආවේ ලීවලින් කරන නිර්මාණ ගැන. ඒ ගැන මම අන්තර්ජාලයේ යූටියුබ් නාළිකා ඔස්සේ හොයලා වඩු වැඩ ගැන ඉගෙන ගත්තා. ඊට පස්සේ මම හෑන්ඩ් මේඩ් අයිටම් ගැන වෙබ් සයිට් එකක් හැදුවා. මේ හෑන්ඩ් මේඩ් කියන දේවල් ගත්තම ජාත්‍යන්තරය තුළ ලොකු ඉල්ලුමක් තියෙනවා. මේ ගැන වැඩියෙන් හොයලා බලද්දී මම දැක්කා යකඩ උපයෝගි කරගෙන කරන නිර්මාණ. ඊට පස්සේ මම ඒ ගැන හොයන්න ගත්තා. ලංකාවේ එවැනි නිර්මාණ කරන අය කිහිපදෙනෙක් ඉන්නවා ගිහින් මුණගැහුණා. නමුත් ලොකු වෙලාවක් යන වැඩ නිසා ඒ අය එතරම් ඒ වෙනුවෙන් කාලය යොදවන්න අකමැති බව දැනුණ නිසා මම නැවත අන්තර්ජාලයෙන්ම මේ දේවල් ගැන හොයන්න පටන් ගත්තා. ඉගෙන ගෙන ඔස්ට්‍රේලියාවෙන් ඇණවුම් කළා වෙල්ඩින් මැෂින් එකක්. ඒක ආවට පස්සේ තමා මේ නිර්මාණ කරන්න ගත්තේ. May be an image of motorcycle මේ එක නිර්මාණයක් තවත් නිර්මාණයකට සමාන වෙන්නේ නැහැනේ... ඒක තමා මේ හෑන්ඩ් මේඩ් නිර්මාණ වල තියෙන විශේෂත්වය. අපි මේ නිර්මාණ කරන්නේ ඉවතලන යකඩ සුන්බුන් උපයෝගී කරගෙන. අතට අහුවෙන කොටස් එක්ක තමා මේ නිර්මාණ කරන්නේ. එකක තව කොපියක් නැහැ. ඒ නිසාම තමා ලෝකය තුල වුණත් ලොකු ඉල්ලුමක් හැදිලා තියෙන්නේ. ලංකාව තුළත් ඉල්ලුමක් දැන් තියෙනවද? මම ඒ ඉල්ලුම ලංකාව තුළ හදනවා. ලොකු ලොකු නිර්මාණ තිබුණට මේ වගේ සියුම් සහ සම්පූර්ණ නිමාව සහිත දේවල් මට ලොකුවට මුණගැහිලා නැහැ. ඒ නිසා වෙළෙඳපොළ තුළ මේ වෙනුවෙන් හිඩැසක් තියෙනවා. ඒ හිඩැසට මට නිර්මාණ කරන්න පුළුවන් සහ මගේ නිර්මාණ ජාත්‍යන්තර වෙළෙඳපොළට පවා ඉදරිපත් කළ හැකි විදියට තමා මම හදන්නේ. මේ දේවල්වලට කැමති පිරිස ඉන්නවා ඇතැම් වෙලාවට ඒ අය පිටරටින් තමා මේ දේවල් ගේන්නේ. ඒ නිසා ඒ ඉන්න පිරිසට ලංකාව තුළින්ම ඒ අයට අවශ්‍ය දේවල් ලබා ගන්න පුළුවන් විදියට මම මේ දේ දියුණු කරනවා. May be an image of outdoors දැන් මේ නිර්මාණ ජාත්‍යන්තර වෙළෙඳපොළ එක්ක හුවමාරු කරගන්නත් සුදානම්ද? අනිවාර් යෙන්ම. ඇමසන් සහ එට්සි (etsy) කියන වෙබ් සයිට්. ඒ තුළ තියෙන්නේ හෑන්ඩ් මේඩ් නිර්මාණ. මමත් ඒ තුළ එකවුන්ට් එකක් හදලා තියෙනවා. ඒ තුළින් ඉදිරියේදී මගේ නිර්මාණත් ලෝකය පුරා අලෙවි කරන්න මම කටයුතු කරනවා. එක නිර්මාණයක් කරන්න කොච්චර කාලයක් යනවද? මෙතැන තියෙන මෝටර් බයිසිකල් එකක් නිර්මාණය කරන්න පැය 20ක වගේ කාලයක් ගතවෙලා තියෙනවා. දවස් හතරක් තුළ ලැබෙන වෙලාව අනුව තමා නිර්මාණය වුණේ. ඒකට විශේෂ වෙන්නේ මේ බයිසිකලය වෙළෙඳපොළ තුළ තියෙන බයිසිකලයක ආකෘතියකට අනුව ඒ ඒ උපාංග සහිත සම්පූර්ණ බයිසිකලයක් විදියට තමා නිමවලා තියෙන්නේ. May be an image of motorcycle May be an image of text that says 'DREMEL 3000 REDMI R8 NOTE 8PRO AI QUAD CAMERA' No photo description available. May be an image of 1 person, standing and indoor අනූෂා රණසිංහ
 

More News..