brand logo

CIDයේ පැය 07ක් හිටපු නදීමාල් ගෙදර යයි

27 March 2019

ඩුබායි රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවූ ගායන ශිල්පී නදීමාල් පෙරේරා දිවයිනට පැමිණීමෙන් අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ ප්‍රශ්න කිරීම් අවසන් කර ඇත. ඩුබායි රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවූ ගායන ශිල්පී නදීමාල් පෙරේරා සහ තවත් පුද්ගලයෙක් ඩුබායි රාජ්‍යෙයන් මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව ඔවුන් අද(27) පෙරවරුවේ කටුනායක ගුවන්තොටපලින් මෙරටට පැමිණි අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු කර ඇත. පැය 7කට අධික කාලයක් රඳවා තබා ගැනීමෙන් අනතුරුව නදීමාල් පෙරේරා මීට සුළු වේලාවකට පෙර එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වෙයි. පසුගිය පෙබරවාරි මාසයේදී මෙරට නමගිය අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධූෂ් සමඟ පිරිසක් ඩුබායිහී ජුමෙයිරා මරීනා ප්‍රෙද්ශයේ තරු පන්තියේ හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර එරට පොලිස් අත්අඩංගුවට ගත් අතර කොකේන් නැමැති විෂ මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ පානය කිරීම යන චෝදනාවට අදාළවයි. කෙසේවෙතත් දින 50 කට ආසන්න කාලයක් ඩුබායි අත්අඩංගුවේ පසුවීමෙන් අනතුරුව එරටදී අත්අඩංගුවට පත්වූවන් අතර සිටි තරුණ ගායක නදීමාල් පෙරේරා සහ මෙරට බන්ධනාගාර නියාමකවරයෙක් ලෙස කටයුතු කළ ලලිත් කුමාර නැමැත්තා ඩුබායි රාජ්‍යෙයන් පිටුවහල් කිරීමට එම රජය පියවර ගත් අතර අද පෙරවරු 6.15 ට පමණ fly dubai ගුවන් සේවයට අයත් FZ 547 ගුවන් යානයෙන් නදීමාල් පෙරේරා සහ බන්ධනාගාර නියාමකවරයා දිවයිනට පැමිණ ඇත.
 

More News..