brand logo

පැය හයකින් මිලියන තුනක් ආකර්ෂණය කළ යොහානි

26 September 2022

යොහානි ගැන ආයෙමත් කතා වෙන්න පටන් අරන්. ඒ, ‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ හින්දි අනුවාදනය රැගත් තෑන්ක් ගෝඩ් බොලිවුඩ් චිත්‍රපටයේ මැණිකේ ගීතය යූ ටියුබ් සමාජ මාධ්‍යයට එක් කිරීමත් සමග. එම ගීතය යූ ටියුබ් සමාජ මාධ්‍යයට එක් කර පැය 6 ක් ඇතුළත නැරඹුම් වාර මිලියන 3 ඉක්මවා ගොස් තිබුණා. ‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ හින්දි අනුවාදනය අන්තර්ගතව ඇත්තේ ‘තෑන්ක් ගෝඩ්’ චිත්‍රපටයේ. එම ගීතය සඳහා රංගනයෙන් දායක වන්නේ ප්‍රකට බොලිවුඩ් නළු නිළියන් වන අජේ දෙව්ගන්, නෝරා පටේහි සහ සිද්ධාර්ත් මල්හෝත්‍රායි. ගායනයෙන් යොහානි, ජුබිලින් නව්ටියාල් සහ සූර්යා රඝුනාතන් එක්ව ඇති අතර, සංගීත අධ්‍යක්ෂණය සිදුකර ඇත්තේ තනිෂ්ක් බක්ෂි සහ චමත් සංගීත් විසින්. කාලෙකට පස්සේ ආයෙත් යොහානි ගැන කතා වෙන නිසා, යොහානි මේ දවස්වල මොනවද කරන්නේ, අලුත් නිර්මාණ මොනවද කියලා දැන ගන්නත් එක්ක අපි යොහානිට කතා කළා. කොහොමද මැණිකේ, මේ දවස්වල ජීවිතේ… හොඳින් ඉන්නවා. මැණිකේ ගීතයේ හින්දි අනුවාදනයේ ප්‍රචාරණ කටයුතු එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නවා. May be an image of 1 person, sitting, standing and footwear මේ වෙද්දි ‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ හින්දි ගීතය අතිශයින්ම ජනප්‍රියයි, කොහොමද මේ අවස්ථාව ලැබුණේ.. ඒක දිග කතාවක්. මේ වැඩේ සාර්ථක කර ගන්න මගේ කළමනාකරු ගොඩක් මහන්සි වුණා. මුලින්ම ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ඉන්දියාවේ පැතිර යනකොට ඔහු ලේබල් සහ කළමනාකරණ ආයතන කීපයක් එක්ක කතාබහ ආරම්භ කරලා තිබුණේ. ඒ අනුව මුලින්ම අපි Zee Live ආයතනයත් එක්ක කොන්සර්ට් දෙකක් කරන්න අවස්ථාවක් සලසා ගත්තා. කොහොම හරි ඒ ප්‍රසංගය අවසාන කරලා අපි මුම්බායිවලට එන්න කටයුතු ලැස්ති වුණු වෙලාවේදී සෝනු ලක්වානි සහ දිලංජන් සෙනෙවිරත්න යම් එකඟතාවකට ඇවිත් තිබුණා. ඒ අනුව මුම්බායිවලදී සෝනු ලක්වානි එක්ක අපි TSeries ආයතන ප්‍රධානි බුෂන් කුමාව මුණ ගැසුණා. එහිදී මම මෙතෙක් කරලා තියෙන සින්දු සහ album එකේ තියෙන සින්දු ඔවුන්ට අහන්න දුන්නා. පස්සේ ඔවුන් අපිට ආරාධනා කළා ඔවුන්ගේ ලේබල් එකට එකතු වෙන්න කියලා. මම මේ කියන සාකච්ඡාව 2021 සැප්තැම්බර් මාසයේ පටන් අරගෙන 2022 මාර්තු මාසයේදී තමයි අවසාන කළේ. විශේෂයෙන්ම මේ වැඩේ සාර්ථක කර ගන්න මගේ කළමනාකරුවන් දෙපළ ගොඩක් මහන්සි වුණා. ඒ නිසා ඒ අයට ස්තුතිවන්ත වෙන්නත් මෙය අවස්ථාවක් කර ගන්නවා. May be an image of 1 person ඒ නිසාද පසුගිය කාලේ මුම්බායිවලට වෙලා හිටියේ... ඔව්. recording කටයුතුවලට නිතරම ගමන් කිරීම අපහසු නිසා අපි මුම්බායිවලට පදිංචියට අවා. අපි ගොඩක් මහන්සි වුණා මේ දේ සාර්ථක කර ගන්න. එහි ප්‍රතිඵල අද භුක්ති විඳිනවා. මේ වෙද්දී ලැබෙන ප්‍රතිචාර කොහොමද? ඇත්තටම මේ ගීතයට නොහිතපු ආකාරයෙන් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සංගීත නිර්මාතෘ චමත්ටත්, මුල් ගායනය සහ මගෙත් එක්ක රැප් එක ගයනා කළ සතීෂාන්ටත්, පද රචනා කළ දුලාන්ටත්, සින්දුව නැවත නිර්මාණය කිරීමට සහ බෙදා හරින්න අවසරය දුන් හසිත්ටත්, මගේ පිටිපසින් සෑම මොහොතේම ඉන්න දිලංජන් ඇතුළු පෙටා ඉෆෙක්ට් (Pettah Effect) කණ්ඩායමටත් මෙහි ගෞරවය හිමි වෙන්න ඕනේ. ඉන්දියාව එක්ක ඉස්සරහටත් වැඩ කරනවද? ඔව්, තව projects කීපයකටම මේ වෙද්දී ආරාධනා ලැබිලා තියෙනවා. ඒ දේවල් කාලයත් එක්ක ඉදිරියේදී අහන්න දකින්න ලැබෙයි. May be an image of 1 person, standing, indoor and text that says 'ቻ 思' සමාජ මාධ්‍යය තුළ නම් විවිධ වූ ප්‍රතිචාර පළවෙනවා, ඒ ගැන මොකද හිතෙන්නෙ... ඒවා නම් ඉතින් අලුත් දෙයක් නෙවෙයිනේ. පදනමක් ඇති විවේචනයක් නම් ඉතා නිහතමානීව භාර ගන්නවා සහ වැරදි හදාගෙන ඉදිරි වැඩ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ගොඩක් දේවල් එහෙම කිසිම පදනමක් නැති ඒවා නිසා ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නෑ. කාලයත් එක්කම යොහානි ටිකක් නිහඬ වුණා වගේ හැඟීමක් තියෙනවා ලංකාවේ වැඩක් කරනවා වගේ දේවල් ඉක්මනට ඉන්දියාවේ කරන්න බැහැ. කොහොමත් මට ඉක්මන් ගමනක් යන්න එදත් වුවමනාවක් තිබ්බේ නැහැ. අදත් එහෙමයි හිමින් වැඩ කටයුතු කරගෙන යන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. May be an image of 1 person and standing ඔබේම කොන්සට් එකක් අහන්න බලන්න තව කාලයක් යයිද... මේ අවුරුද්දේ ජුනි මාසයේ දී ‘කෙල්ල’ ප්‍රසංගය කරන්න දින යොදා ගෙන තිබුණේ. නමුත් පවතින අර්බුද හමුවේ ඒක කල් දාන්න සිද්ධ වුණා. හැබැයි පුළුවන් ඉක්මනින් ‘කෙල්ල’ ප්‍රසංගය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. යොහානිගෙ ළඟම සහ දුරම ඉලක්කය මොකක්ද... ‘කෙල්ල’ ප්‍රසංගය කරන එක තමයි ළඟම ඉලක්කය. ඒ එක්කම මම කවදත් කැමැතියි අලුත් අර්ටිස්ට්ලා එක්ක වැඩ කරන්න. ඒ නිසා අලුත් අය එක්ක වෙනස් විදියේ වැඩක් කිරීමේ බලාපොරොත්තුවත් මගේ ඉලක්ක අතරේ තියෙනවා. අනූෂා රණසිංහ https://youtu.be/_B6T8O15Ohk
 

More News..