brand logo

පැමිණි ආසාදිතයා නිසා මනාල යුවළ නිරෝධායනයේ

10 November 2020

බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයෙකුට කොවිඩ් ආසාදිත බැවින් මනාල යුවල ඇතුළු එම උත්සවයට සහභාගී වූ පවුල් කිහිපයක් අද (10) නිරෝධායනයට යොමුකර ඇත. මේ සම්බන්ධයෙන් බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේෂා රත්නවීර මහත්මිය සඳහන් කරනවා. මීට දින 10කට පමණ පෙරදී මංගල උත්සවය පවත්වා ඇති අතර උත්සවය සඳහා පුද්ගලයන් 40ක් 50ක් අතර පිරිසක් සහභාගී වී ඇති බවට සොයාගෙන ඇත. මෙලෙස කොවිඩ් ආසාදිතව ඇත්තේ මනාල මහතාගේ මිල්ලනිය ප්‍රදේශයේ සහෝදරයකු වන අතර 9වනදා ඔහු ආසදිතයකු බව සොයාගෙන තිබේ.
 

More News..