brand logo

පැනගිය කොවිඩ් ආසාදිත රැඳවියන්ගේ ඡායාරූප මෙන්න

02 January 2021

පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පළාගිය රැඳවියන් සිව්දෙනෙකුගේ ඡායාරූප පොලීසිය විසින් මාධ්‍යයට මුදාහැර තිබේ. පසුගිය දෙසැම්බර් මස 31 වන දින අලුයම රැඳවියන් 5ක් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළාගොස් තිබු අතර පසුව ඉන් එක් රැඳවියෙක් හලාවත, දෙමටපිටිය ප්‍රදේශයේ දී සොයාගනු ලැබීය. කෙසේවෙතත් පළාගිය අනෙක් ආසාදිත රැඳවියන් සොයා මේ වන විට විශේෂ මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර තිබේ. එම පළාගිය ආසාදිත සැකකරුවන් පිළිබඳ තොරතුරක් වෙතොත් පහත දුරකථන අංකයට දැන්විය හැකිය.
  • මුලස්ථාන පොලිස් පරීක්ෂණ පොළොන්නරුව - 0718 591 233 හා 119
  • පොලිස් හදිසි ඇමතුම් අංශය - 119
පළාගිය ආසාදිත රැඳවියන් තිදෙනෙකුගේ ඡායාරූප පහතින් දැක්වේ..... 01. දඹල්ලගේ බුද්ධික විමලරත්න. වයස අවුරුදු 31යි. පදිංචිය නාරම්මල කරගහගෙදර ප්‍රදේශයේ 02. පී.කේ සුමිත් පුෂ්පකුමාර. වයස අවුරුදු 36යි. අංක 1219 / ඒ, ජයමාවත පාර, බොරලැස්ස. 03.විජේසූරිය ආරච්චිගේ හරිත කැලුම් අප්පුහාමි. වයස අවුරුදු 26යි. පදිංචිය මාරවිල පරුෂපාර ප්‍රදේශයේ  
 

More News..