brand logo

පා.ම. සිසිර කුමාර අබේසේකරගේ පුත්‍රයා කළ පහරදීමකින් තුවාල ලැබූ කොස්තාපල් රෝහලේ

30 June 2019

එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ පුත්‍රයා කළ පහරදීමකින් ඇමති ආරක්ෂක පොලිස් කොට්ඨාශයේ කොස්තාපල්වරයෙක් තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුලත් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඇමති ආරක්ෂක කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් සුසන්ත අරුණ කුමාර ( 60990 ) නමැති පොලිස් නිලධාරියා මෙලෙස තුවාල ලබා ඇති බවයි. පහර කෑමට ලක්වූ පොලිස් නිළධාරියා රෝහලට ඇතුලත් වීමට පෙර හලාවත පොලිසියට මේ පිලිබදව පැමිණිලි කර තිබේ. මන්ත්‍රීවරයාගේ පුත්‍රය මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර පහරදීම සිදුව ඇත්තේ ඊයේ (29) රාත්‍රි 8. 45 පමණයි. හලාවත පොලිසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
 

More News..