brand logo

පා.ම. ශ්‍රීධරන්ගේ නිවස අසළ ඉඩමක වළ දැමු ආයුධ හා රත්රන් සොයා කැනීම්

21 August 2019

කිලිනොච්චිය දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතාට අයත් කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේ නිවසක් අසළ ඉඩමක එල් ටි ටි සංවිධානය සැඟවු ආයුධ හා රත්රන් ඇති බවට වන සැකයක් මත අද(21) ආරක්ෂක අංශ අදාළ ඉඩම කැනීම් කළ බව කිලිනොච්චිය ධර්මපුරම් පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ ධර්මපුරම් පොලිස් නිළධාරීන් වෙත ලද තොරතුරක් මත අංක 885, ආරුමුගම් පාර,වට්ටකච්චි, කිලිනොච්චිය යන ලිපිනයේ පැවති ඉඩමක් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ කැනීම කළ බවයි. කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණ නිළධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය,පුරාවිද්‍ය නිළධාරීන්, ග්‍රාම සංවර්ධන සමිති නිළධාරීන් ඉදිරියේ යුධ හමුදා හා පොලිස් ආරක්ෂාව යොදා කැනීම් කටයුතු සිදුකළ බවද පොලිසිය පැවසීය. පොලිසිය පැවසුවේ කැනීම් තුළින් කිසිවක් හමුනොවු අතර, මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ කැනීම් කටයුතු නවතා දැමු බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ශිධරන් මහතා නව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ‍ශවේන්ද්‍ර සිල්වා මහතා යුධ හමුදාපති ලෙස පත්කිරීමට විරුද්ධය පසුගිය දිනවල රජයට චෝදනා කරනු ලැබීය. සිද්ධිය සම්බන්ධයෙන් ධර්මපුරම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..