brand logo

පා.ම. රන්ජන් රාමනායක අත්අඩංගුවට

04 January 2020

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද රාත්‍රියේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ, මාදිවෙල ප්‍රදේශයේ පිහිටි මන්ත්‍රී නිල නිවසේදීය. ඉන් අනතුරුව රන්ජන් රාමනායක මහතා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ආවේය. නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් රන්ජන් රාමනායක මහතාගේ නිවස අද පස්වරුවේ පරික්ෂාවට ලක් කළේය. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සදහන් කළේ කල් ඉකුත් වූ ගිනිඅවි බලපත්‍රයක් සමග ගිනිඅවියක් සහ ඒ සදහා භාවිතා කරන මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 127ක් හා සැක සහිත ලේඛන කිහිපයක් රන්ජන් රාමනායක මහතාගේ නිවසින් සොයාගත් බවයි. https://youtu.be/W-AuOad-VD8?t=18
 

More News..