brand logo

පා.ම. දිලුම් අමුණුගම තවමත් ‌රෝහලේ

16 November 2018

පාර්ලිමේන්තුවේ ඊයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයත් සමග තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලුම් අමුණුගම මහතා තවදුරටත් ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ ඔහුගේ තුවාලයේ තත්ත්වය එතරම් බරපතල නොවන බවයි. මෙම ගැටුම ඇතිවුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ ප්‍රකාශයට එරෙහිව ඡන්ද විමසීමක් අවශ්‍ය බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමත් සමඟයි. අවසානයේ මෙම ගැටුම්කාරීත්වයත් හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු තාවකලිකව නතර කෙරුණා.
 

More News..