brand logo

පා.ම. කාංචන විජේසේකරගෙන් සමනලී ෆොන්සේකා කෝටි 50ක වන්දියක් ඉල්ලයි

12 December 2018

ජනප්‍රිය නිළි සමනලී ෆොන්සේකා මහත්මිය නීතිඥයින් මාර්ගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි කාංචන විජේසේකර මහතාගෙන් රුපියල් කෝටි 50ක වන්දියක් ඉල්ලමින් එන්තරවාසියක් යොමුකර තිබෙනවා. ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ඇය විසින් මුදල් ලබාගත් බවට කාංචන විජේසේකර මහතා කළ ප්‍රකාශක් මූලික කරගෙන මෙලෙස එන්තරවාසියක් යවා තිබෙනවා. එමගින් ඇය පෙන්වා දී ඇත්තේ කාංචන විජේසේකර මහතාගේ ප්‍රකාශයෙන් තම කීර්තිනාමයට හානියක් සිදුවී ඇති බවයි. එම වන්දි මුදල නොගෙවන්නේ නම් නඩු මගට යොමුවන බව සමනලී ෆොන්සේකා මහත්මිය වෙනුවෙන් නීතිඥ උඳුල් ප්‍රේමරත්න මහතා සිය එන්තරවාසියේ සඳහන් කර තිබෙනවා.
 

More News..