brand logo

පාස්පෝට් එක ඉලෙක්ට්‍රොනික් වෙයි

24 February 2020

විද්‍යුත් ගුවන් ගමන් බලපත්‍රයක් හඳුන්වාදීමට ආණ්ඩුව තීරණය කර ඇත. ඒ සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය හිමි වූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. ආරක්ෂක කටයුතුවලට සහයක් වන අයුරින් ගුවන් මගියාගේ සියලු තොරතුරු ඇතුළත් කරමින් මෙම විද්‍යුත් ගුවන් ගමන් බලපත්‍රය හඳුන්වා දීමට නියමිතය. මෙම ගුවන් ගමන් බලපත්‍රය සකස් කිරීමට මාස තුනක කාලයක් ගත වන බව ආගමනය විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දැනට ලබාදී ඇති ගුවන් ගමන් බලපත්‍රයට වඩා විධිමත් අයුරින් මෙය සකස් කිරීමටද නියමිතව ඇත.
 

More News..