brand logo

පාස්කු වාර්තාවේ පිටපත් රාමඤ්ඤ සහ අමරපුර මහ නා හිමිවරුන්ට

05 March 2021

අප්‍රේල් 21 පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිෂන් සභා වාර්තාවේ පිටපත් රාමඤ්ඤ සහ අමරපුර මහා නිකායන්හි මහ නා හිමිවරුන්ට පිළිගන්වා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ රාමඤ්ඤ නිකායේ මහානායක හිමියන් වැඩවෙසෙන මීරිගම, මිණිඔලුව, විද්‍යාවාස පිරිවෙනේදී ඊයේ (04) පස්වරුවේ ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් වාර්තා පිටපතක් පිළිගන්වනු ලැබූ බවයි. අමරපුර මහා නිකායේ වැඩබලන මහානායක හිමියන් වැඩ වෙසෙන කෑගල්ල, ගන්තුන උග්ගල පුරාණ විහාරයේ දී අද (05) පෙරවරුවේ ගිය ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් වාර්තා පිටපක් පිළිගන්වනු ලැබීය.
 

More News..