brand logo

පාස්කු වාර්තාවට නඩු දාන සැලැස්මක්

27 July 2019

පාස්කු ඉරිදා ත්‍රස්තප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ වාර්තාව කඩිනමින් එළිදක්වා එය ප්‍රසිද්ධියට පත්කර ඊට එරෙහිව නඩු පැවැරීමේ සැලැසුමක් පිළිබඳ තොරතුරු වාර්තා වේ. මෙතෙක් කරන ලද සාක්ෂි විමසීම්වලදී සෘජුවම ජනාධිපතිවරයාට චෝදනාවක් එල්ල නොවීමත් ලබාදුන් සාක්ෂිවලින් ඔහුට එරෙහිව චෝදනාවක් එල්ල නොවීම නිසා කඩිනමින් එම වාර්තාව හෙළිකර වෙනත් පාර්ශ්වයන් හරහා අධිකරණයේ නඩුවක් පැවැරීමට සැලසුම් කර ඇත. ඒ අනුව ජනාධිපතිවරයා අධිකරණයට කැදවීමට සැලසුම් කර තිබේ. මේ පිළිබඳ සාකච්ඡාවක් එම තේරීම්කාරක සභාවට සම්බන්ධ මන්ත්‍රීවරුන් විසින් පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී පවත්වා ඇත. මධුභාෂන හේරත්
 

More News..