brand logo

පාස්කු ප්‍රහාර වාර්තාව පිළිගන්න බෑ

30 October 2019

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව පිළිනොගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ (29 වැනිදා) අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබේ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ පැවැති අතර තේරීම් කාරක සභාවේ වාර්තාවද ඉදිරිපත් කර තිබුණි. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම වාර්තාව අමාත්‍ය මණ්ඩලය අනුමත නොකරන බවත්, දැනුවත්වීම සඳහා පමණක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව පසුගියදා එළිදැක්විණි. එමගින් පාස්කු ප්‍රහාරයට, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ඇතුළු පාර්ශ්ව රැසක් වගකිව යුතු බවට නිර්දේශ කර තිබුණි. උදයජීව ඒකනායක
 

More News..