brand logo

පාස්කු ප්‍රහාරය පිළිබඳ සාක්ෂි දීමට විජේදාස රාජපක්ෂ කැඳවයි

28 February 2020

පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජේදාස රාජපක්ෂ මහතා අද (28) පෙනී සිටීමට නියමිතයි. ජාතික තවුහිද් ජමාත් සංවිධානය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතදී සිදුකළ ප්‍රකාශයන්ට අදාලව සාක්ෂි විමසීම සඳහා මෙලෙස විජේදාස රාජපක්ෂ මහතා සඳහා කැදවීම සිදුකර තිබේ. මේ වන විට පුද්ගලයින් 570 කට අධික පිරිසකගෙන් පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව විසින් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
 

More News..