brand logo

පාස්කු ප්‍රහාරය ගැන සොයන්න පූර්ණ බලතල සහිත කොමිසමක් ළගදීම

30 November 2019

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා පූර්ණ බලතල සහිත ස්වාධීන කොමිසමක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය යොමුව ඇතැයි සඳහන් වේ. ඒ අනුව ඉදිරි සතියේදී එම ස්වාධීන කොමිසම පත් කිරීමට නියමිතය. ගෝඨාභය රාජපක්ෂ සිය මැතිවරණ ව්‍යාපාරය හා ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්ද පැවසුවේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැබෑ අපරාධකරුවන්, හවුල්කරුවන්, අනුබල දුන් සහ වගකීම් පැහැර හළ සියලු දෙනාම රටට හෙළි කිරීමටත්, නොපමාව ඔවුන්ට දඬුවම් දීමටත් පූර්ණ බලතල ඇති ස්වාධීන කොමිසමක් පත් කරන බවයි. ජනාධිපතිවරයා කාදිනල් හිමියන් හමු වූ අවස්ථාවේදීද ඒ සම්බන්ධයෙන් සිහිපත් කළේය. චමින්ද සේනාරත්න
 

More News..