brand logo

පාස්කු ප්‍රහාරය එල්ල වන විටත් ඉන්දියාව, ඇමෙරිකා ඔත්තු නිලධාරීන් තොරතුරු සොයන්න ලංකාවට ඇවිත්

01 June 2019

තව්හිද් ජමාද් සංවිධානය මෙරටදී ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සිටින බව පසුගිය වසරේ (2018) දෙසැම්බර් 23 වැනි දින මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිමවලට ප්‍රහාර එල්ල කළ අවස්ථාවේදී හෙළි කර ගෙන තිබේ. ඒ සමගම රාජ්‍ය බුද්ධි සේවයේ පිහිටුවා ඇති අයි.එස්.අයි.එස්. ඒකකය පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඊට ඉන්දියාවේ හා ඇමෙරිකාවේ බුද්ධි අංශවල සහාය ලැබී ඇත. එම විදේශ බුද්ධි අංශ සේවයේ සහායෙන් තව්හිද් ජමාඩ් සංවිධානයේ නායකයා බව කියන සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය මාස කිහිපයේ නැගෙනහිර ප්‍රදේශයේ පුළුල් මෙහෙයුමක් සිදුකර තිබේ. අම්පාර ඔලුවිල්, පොතුවිල් ආදී ප්‍රදේශවල එම නායකයා සැඟව සිටින බවට ලැබී තිබූ තොරතුරු අනුව විදේශ බුද්ධි නිලධාරීන් සමග බුද්ධි අංශ මෙරට නිලධාරීන් සිය ගණනක් එහි ගොස් මාස ගණනක් මෙහෙයුම් සිදුකරද්දී මෙම ප්‍රහාරය සිදුව ඇති බව වාර්තා වේ. මරාගෙන මැරෙන බෝම්බකරුවන් නව දෙනකු එල්ල කළ එම ප්‍රහාරයෙන් 351 මියගොස් 500 පමණ දෙනා තුවාල ලැබූහ. සුගන්ධි බස්නායක
 

More News..