brand logo

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වාර්තාව කඩිනම් කරන ලෙසට නීතිපති වැඩබලන පොලිස්පතිට දැනුම් දෙයි

22 July 2019

පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල වත්මන් තත්ත්වය පිළිබඳව වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබේ. අදාළ වාර්තාව මේ මස 24 වන දාට පෙර ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයා වෙත නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් දැනුම් දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය. පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකර ඇති පරීක්ෂණවල වත්මන් තත්වය පැහැදිලි කරන මෙන් එම ලිපිය තුලින් නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ. එමෙන්ම මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන්ගේ සංඛ්‍යාව පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙසද නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පති වරයා වෙත දන්වා ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් සඳහන් කළාය.
 

More News..