brand logo

පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් හා දෙමළ පක්ෂ නියෝජිතයෝ පොදුජන පෙරමුණට එන්න හදයි

18 May 2019

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයත් සමග මුස්ලිම් හා දෙමළ දේශපාලන පක්ෂ නියෝජනය කරනු ලබන පළාත් පාලන නියෝජිතයන් හා එම පක්ෂවල සාමාජිකයන් විශාල පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමට පැමිණෙන බව එම පක්ෂයේ ප්‍රබලයෙක් පැවසීය. ජාතික පක්ෂයක් සමග දේශපාලනය කිරීම හැර ජාතිකත්වය හැඟවෙන පක්ෂ සමග කටයුතු කිරීම නිසා තමන්ට අවාසි සිදුවන බව ඔවුන් පවසා තිබේ. මෙසේ පැමිණි සාමාජිකයන් අතර වතුකරයේ දේශපාලන පක්ෂ, රිෂාඩ් බදුර්දීන්ගේ හා ඩග්ලස් දේවානන්දාගේ පක්ෂයේ සාමාජිකයන්ද සිටින බව වාර්තා වේ.
 

More News..