brand logo

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සෑම පුද්ගලයෙකුම නීතිය ඉදිරියට ගෙන එනවා

13 August 2020

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසියම් අවසන් පුද්ගලයෙකු සිටීනම් ඊට සම්බන්ධ අවසන් පුද්ගලයා දක්වා නීතිය ඉදිරියට ගෙන එමින් දඩුවම් දීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ ඊයේ (12) මහනුවර ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට සහභාගි වෙමිනි. රටට මෙන්ම රටේ ජනතාවට කිසිදු වරදක් සිදුවීමට ඉඩ නොතබන බව පැවසූ අමාත්‍ය අලි සබ්රි මහතා කියා සිටියේ ලාභ ප්‍රයෝජන ලබාගැනීම සදහා තමන් දේශපාලනය අවතීර්ණ නොවූ බවයි. තමන්ට අවශ්‍ය රටේ ජනතාව බෙදා වෙන් කිරීමට නොවන බවත්, සියලුදෙනා සහජීවනයේ එකතු කිරීමට බව ද ඒ මහතා පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා "මම අධිකරණ ඇමතිවරයා ලෙස ජනා‍ධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ යම් සමාජයක් හෝ යම් ජන කොට්ඨාශයක් වෙනුවෙන් නෙවේ..මේ රට වෙනුවෙන්..අපි මේ රටට ඉතාමත්ම ආදරෙයි." "කිසිම අවස්ථාවක මේ රටට විරුද්ධව,මේ රටේ සාමයට විරුද්ධව හෝ මිනිස්සුන්ගේ සහෝදරත්වයට විරුද්ධව අපෙන් අබමල් රේ‍ණුවක තරම්වත් වරදක් සිද්ධ වෙන්නේ නැති බව සහතික වෙනවා..ඒ පිළිබඳව කිසිදු අවිශ්වාසයක් තියාගන්න අවශ්‍ය වෙන්නේ නෑ.."
 

More News..