brand logo

පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයි - ජනපති

01 July 2019

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් සම්බන්ධ බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (01) පැවති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දින මහා සමුළුව අමතමින්. ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දින මහා සමුළුව අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ආරම්භ විය. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ තමන්ට මේ සම්බන්ධයෙන් වචනයකින් හෝ උදව් නොකරපු අය අද වන විට තමා වැරදිකාරයෙක් කර ඇති බවයි. එමෙන්ම මරණය දණ්ඩනය නොදෙන්නැයි ද ඉල්ලා ඇති බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටතක් සදහන් කළේය.
 

More News..