brand logo

පාස්කු ප්‍රහාරයට අදාළව සැකකරුවන්ගේ මිලියන 134කට අදාළ මෙහෙයුම් අත්හිටුවයි

24 May 2019

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41ක රුපියල් මිලියන 134කට අදාළ මෙහෙයුම් අත්හිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කරයි. විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවත් රුපියල් මිලියන 14 ක් සොයාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මෙම  මුදලට අමතරව  මෙම සැකකරුවන් සතුව ඇති රුපියල් බිලියන 7 ක වෙනත් වත්කම් සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා වැඩිදුරටක් පැවසීය.
 

More News..