brand logo

පාස්කු ප්‍රහාරයේ උද්ධෘත ගොනුව ඉක්මනින්ම නීතිපතිට දෙනවා

16 August 2019

පාස්කු ඉරු දින එල්ල වූ ප්රහාරයට අදාළ විමර්ශන අවසන් කර ඊට අදාළ උද්ධෘත ගොනුව නීතිපති වෙත කඩිනමින් භාරදීමට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බව පොලිස් මාධ්ය ප්රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි. සිද්ධියට අදාළ විමර්ශන සඳහා කාලයක් ගතවන බවත් මේ වන විට සුවිශාල විමර්ශන සංඛ්යාවක් සිදුකර අවසන් බවත් ඒ මහතා කීය. මහනුවර නියෝජය පොලිස්පති කාර්යාලයේදී ඊයේ (15දා) පැවැති මාධ්ය හමුවකදී ඔහු මේ බව ප්රකාශ කළේය. පාස්කු ප්රහාරයට සෘජුව සම්බන්ධ වන මේ වන විට ජීවතුන් අතර සිටින සියලු දෙනා අත්අඩංගුවට ගෙන අවසන් බවත් ඊට වක්රව සහාය දුන් පිරිස් මේ දිනවල වරින් වර අත්අඩංගුවට ගනිමින් සිටින බවත් හෙතෙම පැවැසුවේය. වෛද්ය සාෆිගේ සිද්ධියට අදාළව කාන්තාවන්ගේ සහ වෛද්යවරුන්ගේ ද ඇතුළුව ප්රකාශ 1000ක් පමණ ලබාගෙන තිබෙන බවත් ඒ සියල්ල අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන බවත් කී ඒ කාන්තාවන් වඳ භාවයට පත් කළේද යන්න සත්ය වශයෙන්ම දැනගැනීමට විශේෂඥ පරීක්ෂණ අවශ්ය බවද අවධාරණය කළේය. වෛද්ය සාෆි සතු වත්කම් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්ය අපරාධ විමර්ශන අංශය මගින් වෙනම පරීක්ෂණයක් සිදුකරන බවත් මේ පිළිබඳ අවබෝධයක් නොමැති අය විවිධ ප්රකාශ කරන බවත් මහතා මෙහි පරීක්ෂණ තවම අවසන්ව නොමැති බවද පැවැසුවේය. කමල් සුරවීර - මහනුවර
 

More News..