brand logo

පාස්කු කොමිෂන් වාර්තාවේ වගකීම රජයට ගන්න බැහැ

02 March 2021

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා වගකීම භාර නොගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කරනවා. අද (02) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළකර ඇත. "සාධාරණය ඉටුවුණේ නැත්නම් ඒ සම්බන්ධයෙන් රජය CID, TID දෙකටම දන්වලා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරගෙන යනවා. කොමිෂන් සභාවේ තියෙන වාර්තාවන් එක කණ්ඩායමකට අවාසිදායක තත්ත්වයකට නිර්මාණය වෙලා තියෙනවා කියන එක, ඒක ස්වාධීන කොමිෂන් සභාවක්. ඒ සම්බන්ධයෙන් වගකීම පක්ෂයක් හෝ රජය, ජනාධිපති, අගමැති, කැබිනට මණ්ඩලය හෝ මන්ත්‍රී කණ්ඩායම කොහෙත්ම භාර ගන්නේ නෑ. අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. "
 

More News..