brand logo

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදුකළ ප්‍රහාරය පලිගැනීමක් - IS ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල්-බග්දාදි

30 April 2019

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර පලිගැනීමක් බව ඉස්ලාමිය රාජ්‍ය හෙවත් IS ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල්-බග්දාදි වීඩියෝ පටයක් නිකුත් කරමින් පවසා ඇත. අමෙරිකානු අන්තර්ජාල බුද්ධි ඒකකය සදහන් කරන්නේ අබු බකර් අල්-බග්දාදි වසර 05 කට පසුව මෙම වීඩියෝ පටයක් නිකුත් කර ඇති බවයි. ඔහු මෙම වීඩියෝව පසුගිය 18වනදා රූගත කර ඇති බව වාර්තා වන අතර පසුව එම වීඩියෝවට හඬ පටයක් එක් කොට ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය එල්ල කරන ලද ප්‍රහාරකයින් සම්බන්ධයෙන් සිය ප්‍රශංසාව පළකර තිබේ. ශ්‍රී ලංකාවේ කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් ඉකුත්දා එල්ලවූ ප්‍රහාරය සිරියාවේ Baghouz ප්‍රාන්තයේදී තම කණ්ඩායම ලද පරාජයට පළිගැනීමක් ලෙස ISIS ත්‍රස්ත නායකයා එම වීඩියෝ පටයේ සඳහන් කර ඇත. ISIS ත්‍රස්ත නායකයා ශ්‍රී ලංකාව තුල සිදුවූ බෝම්බ ප්‍රහාරයන් හරහා සිය සංවිධානයට මේ වන විට උදාවී ඇති පසුගාමීත්වය නැති කර ගැනීමේ උත්සහයක යෙදෙන බව ජාත්‍යන්තර නිරීක්ෂකයින් සඳහන් කර ඇත්තේ.
 

More News..