brand logo

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දැනුවත් කළ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරනවා

30 May 2019

පසුගිය අප්‍රේල් 8 වනදා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ රැස්වීමේදි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් වෙත දැනුවත් කිරීමක් සිදුකළ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් වන කිසිදු දැනුම්වත් කිරීමක් තමා වෙත සිදුනොකළ බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කළ අතර ආරක්ෂක මණ්ඩලයේ කරුණු නිල නොලත් ආකාරයට මාධ්‍ය තුල පළවන බැවින් එහි ව්‍යුහය වෙනස් කර ජාතික ආරක්ෂක කමිටුව පිහිටුවා සති දෙකකට වරක් රැස්වන බවද එහි සඳහන් කර ඇත.
 

More News..