brand logo

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ඒක පාර්ශ්වික නොවන ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි - විපක්ෂ නායක

08 August 2019

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ඒකපාර්ශ්වික නොවන පරීක්ෂණයක් පවත්වා සෑම දෙනාටම පිළිගත හැකි ලෙස වැරදිකරුවන් හඳුනාගෙන ඔවුන්ව අනිවාර්යයෙන්ම අධිකරණය ඉදිරියට ගෙන ආ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (07) පස්වරුවේ මොරටුව මහනගර සභාවේ පැවැති උත්සවයකට එක්වෙමින් විපක්ෂනායකවරයා පවසා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් ගරු කාදිනල් හිමිපාණන් විසින් ද ඉල්ලා ඇති බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා.... අපේ කතෝලික පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් හා පළාත් පාලන ආයතන ප්‍රධානීන් අද පෙරවරුවේ රැස්වී තීන්දුවක් ගත්තා ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බැලීමට ස්වාධීන පරීක්ෂණ කොමිසමක් පත් කරන ලෙස ඉල්ලීමට. එමෙන්ම සාධාරණ පරීක්ෂණයක් පවත්වා මියගිය හා තුවාල ලැබූවන්ට සාධාරණ වන්දියක් ලබා දිය යුතුයි.
 

More News..