brand logo

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන ලාංකිකයෙකු මියන්මාරයේදී අත්අඩංගුවට

24 May 2019

මෙරට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකික සැකකරුවෙකු මියන්මාරයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. අබ්දුල් සලාම් ඉර්ෂාඩ් මොහොමඩ් නැමති 39 හැවිරිදි මොහු සිය වීසා බලපත්‍රය දීර්ඝ කර ගැනීම සඳහා යැන්ගූන් නුවර ආගමන විගමන කාර්යාලය වෙත ඊයේ(23) දින පස්වරුවේ පැමිණි අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මියන්මාර සංචාරක පොලීසිය බදාදා දිනයේ එරට සියළුම හෝටල් සහ සංචාරක නිකේතන වෙත දැනුම් දීමක් කර තිබී ඇත. එරට සංචාරක පොලීසියසඳහන් කළේ අබ්දුල් සලාම් ඉර්ෂාඩ් මොහොමඩ් වසරක් සහ මාස දෙකක කාලයක් වීසා බලපත්‍රය ඉකුත් වීමෙන් අනතුරුව මියන්මාරයේ රැදී සිට ඇති බවත් මියන්මාරය තුළ අයි.එස්. අනුගාමික විදේශීය ත්‍රස්තවාදීන් ප්‍රහාර දියත් කිරීමේ අවදානමක් පැවති බව ද මියන්මාර පුවත්පතක් වැඩිදුරටත් සදහන් කළේය.
 

More News..