brand logo

පාසලේ හිරිහැර නිසා ජිවිතය එපා කුඩා දරුවාට ලෝකයේම ආදරය

22 February 2020

පාසලේදී විවිධ හිරිහැරවවලට ලක්වීමෙන් දැඩි සේ කම්පාවට ලක්වන දරුවකුගේ විඩියෝවක් සමාජ මාධ්‍ය තුල පැතිර යමින් තිඛේ. ඔ්ස්ටේ්‍රලියානු ජාතික වයස අවුරුදු 9 ක පිරිමි මෙම කුඩා දරුවා වෙනුවෙන් මේ වන විට ලොව පුරා බොහෝ පිරිසක් පෙළ ගැසී සිටි. ක්වාඩෙන් නැමති තම පුතු කුරු බව හේතුවෙන් පාසලේදී මුහුණ දුන් වෙනස්කම් පිළිබද දැක්වෙන වීඩියෝවක් යාරාකා ඛෙයිල් විසින් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා. ඇය මෙම වීඩියෝව මුදා හරිමින් පවසන්නේ මෙවැනි හිරිහැරවල අවසන් ප්‍රතිඵලය මෙය බවත් තම පුතා ජිවිතය අවසන් කර ගැනිමට අවශ්‍ය බව පවසන බවත්ය. ලොව පුරා මිලියන 19 කට අධික පිරිසක් මෙම විඩියෝව නරඹා තිඛේ. ඒ අතර ලෝකයේ සුප්‍රසිද්ධ පුද්ගලයින් රැසක් ඊට අදහස් පලකර තිබුණා. ක්වාඩෙන් සෑම දිනකම අත්විදින හිරිහැර ඔහුගේ මව විසින් විනාඩි හයක මෙම විඩියෝ පටය තුල විස්තර කර තිඛේ. කුඩා ක්වාඩෙන් වෙනුවෙන් සටහනක් තමන අමෙරිකානු ජනාධිපතිවරයාගේ පුත් එරික් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ මෙය අතිශයින්ම හඳ කම්පා කරවන්නක් බවයි. එමෙන්ම පැසිපන්දු ක්‍රීඩාවේ තරුවන් වන එනෙක් කාන්ටර් ලෝකයම ඔබ සමග සිටින බව පවසා ඇත.
 

More News..