brand logo

පාසල් 120ක් සඳහා සුවතා කාමර

29 January 2021

    කොවිඩ් වසංගතයත් සමග සිසුන්ගේ ආරක්ෂාව සඳහා රටපුරා පාසල් 120ක සුවතා කාමර ඉදිකිරීමට සැලසුම් කර ඇත. අමෙරිකාවේ සංවර්ධන නියෝජිතායතනය වන ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ආධාර යටතේ ඉදිකිරීමට නියමිතය. කොවිඩ් වෛරසයට එරෙහි මූලික පූර්වාරක්ෂණ ක්‍රියාමාර්ග වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දී ඇති නිර්දේශවලට අනුව එම සුවතා කාමර ඉදිකෙරෙන බව පැවසෙනවා. එසේම යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව, ත්‍රීකුණාමලය, මඩකලපුව, අම්පාර, අනුරාධපුරය, මහනුවර, මොණරාගල සහ ගම්පහ පාසල්වල සුවතා කාමර පිහිටුවනු ලබනවා. එහි' ඇඳන්, මෙට්ට, ප්‍රථමාධාර කට්ටල, විවිධ ස්ථානවලට ගෙනයා හැකි තිර සහ බෙහෙත් ශාලා ඇතුළත් වනවා. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ඇලේනා බී ටෙප්ලිට්ස් මහත්මිය සඳහන් කරන්නේ කොවිඩ් ව්‍යාප්තිය වැලැක්වීමට සහ ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය වෙනුවෙන් සෑම විටම සහය වන බවකි.
 

More News..