brand logo

පාසල් හා ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි

25 April 2019

දෙවන පාසල් වාරය ආරම්භ වීමට පෙර සියලු පාසල් හා ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. පාසල් වාරය ලබන සඳුදා ආරම්භ වීමට නියමිත අතර පාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව විශේෂ ක්‍රියාන්විතයක් දියත් කිරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. දෙමාපියන්ගේද සහය ලබා ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව එම නිවේදනයේ සඳහන් වන අතර මේ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විසින් ආරක්ෂක අමාත්‍යංශය, ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීම් කර ඇත.
 

More News..