brand logo

පාසල් සිසුවෙකු අපයෝජනය කළ ග්‍රාමසේවක මාට්ටු

27 January 2021

16 හැවිරිදි පිරිමි දරුවකු බරපතල ලෙස ලිංගික අපයෝජනය කළ බව කියන ග්‍රාම නිලධාරිවරයකු අද (27) අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි. ඔහු හබරාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන 37 හැවිරිදි ග්‍රාම නිලධාරීවරයෙකි. අපයෝජනයට ලක්ව ඇති පිරිමි දරුවා හබරාදුව කටුකරුන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ග්‍රාම නිලධාරිවරයා විසින් මොහුට ගණිතය උගන්වා ඇති බවද පොලිසිය පවසයි. උපකාරක පන්තියට පැමිණි අදාළ සිසුවා බිය ගන්වමින් 2018 වසරේ සිට ඔහුට දිගින් දිගට ම බරපතළ ලිංගික අපයෝජනය සිදු කර ඇති බවත් වාර්තා වී තිබේ. වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අදාළ සිසුවා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර සැකකාර ග්‍රාම නිලධාරීවරයා හෙට (28) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
 

More News..