brand logo

පාසල් සිසුවෙකුට කොරෝනා

26 November 2020

වටවල කුයිල්වත්ත දමිළ විද්‍යාලයේ පාසලක 12වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. පසුගිය අඟහරුවාදා දිනයේ මෙම සිසුවා පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කර ඇති අතර, එහි ප්‍රතිඵල ලැබීමට පෙර ඊයේ (25) දිනයේ එම සිසුවා පාසලට පැමිණ ඇත. එම අවස්ථාවේ පාසල් බලධාරීන් විසින් සිසුවාව යළි නිවෙස වෙත පිටත්කර යවා තිබේ. අදාළ සිසුවා පසුගිය දිනෙක සිය මිත්තණිය සමග දෙමාපියන් සිටින කොළඹ ඔරුගොඩවත්තේ පිහිටි නිවසට පැමිණ තිබේ. ඉන් අනතුරුව පසුගිය 24 වන දින කොළඹ සිට වටවල දක්වා ගමන් කරමින් සිටියදී ගිනිගත්හේන කළුගල පොලිස් මුරපොළේදී සිසුවා සහ මිත්තණිය අහඹු පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කර ඇත. එහි ප්‍රතිඵල වලින් එම සිසුවා කොවිඩ් ආසාදිතයෙකු ලෙස හදුනාගත් බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සදහන් කරයි. කෙසේ වෙතත් සිසුවා ඊයේ පාසලට පැමිණි අවස්ථාවේ විදුහල්පතිවරයා සහ ආචාර්ය මණ්ඩලය විසින් ඔහු පාසලට ඇතුළුවීම වළක්වා තිබේ. එම පාසල් භූමිය ද විෂබීජහරණයට ලක් කළ බව විදුහල්පතිවරය සදහන් කරයි.
 

More News..