brand logo

පාසල් සිසුවියන් 4 දෙනෙකු ලිංගික අපයෝජනය කළ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට

07 January 2020

පාසල් සිසුවියන් 4 දෙනෙකු ලිංගික අපයෝජනය කළ අම්පාර උහන සෙනරත්පුර ග්‍රාමිය රෝහලේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත. මැරතන් තරගයකට සහභාගි වීමට අවශ්‍ය බව පවසමින් අදාළ සිසුවියන් වෛද්‍ය පරීක්ෂණයකට සෙනරත්පුර ග්‍රාමිය රෝහලට පැමිණ ඇති බව පොලීසිය සඳහන් කළේය. වෛද්‍ය පරික්ෂණය අතරතුර අදාළ වෛද්‍යවරයා විසින් තමන් ලිංගික අපයෝජනයට ලක්කළ බවට සිසුවියන් පොලීසියට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වන අතර අවුරුදු 18, 14 සහ වයස අවුරුදු 17ක් වන සිසුවියන් දෙදෙනෙකු අදාළ සිද්ධියට මුහුණ පා ඇත. ඔවුන් මේ වන විට වෛද්‍ය පරීක්ෂණ සදහා අම්පාර මහ රෝහලට ඇතුළත් කර ඇත.
 

More News..