brand logo

පාසල් සිසුවියක්ව බස් රථයක් තුළදී දුෂණය කළ කොන්දොස්තර අත්අඩංගුවට

09 April 2019

වයස අවුරුදු 15 ක් වන පාසල් සිසුවියක්ව පුද්ගලික බස් රථයක් තුළදී දුෂණය කළ බව කියන බස් කොන්දොස්තරවරයෙකුව ආණමඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 08 වැනිදා සවස මෙම අපරාධය සිදුවී ඇති බව පොලීසිය කියයි. පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව - මහඋස්වැව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි විවාහක අයෙකුවය. අතවරයට පත්ව ඇති පාසල් සිසුවිය පුද්ගලික උපකාරක පන්තියකට සහභාගි වීම සදහා ආණමඩුව නගරයට පැමිණ ඇත.එම අවස්ථාවේදී සැකකරු දැරිවිය රවටා ගෙන තමන් සේවය කරන බස් රථයෙන්ම ඇය කැදවාගෙන ගොස් එම බස් රථය තුළදීම අපරාධය සිදු කර ඇති බව මූලික විමර්ශණ වලදී හෙලිවී ඇත. අතවරය පත්ව ඇති දැරිවිය තමන් මුහුණ දුන් අත්දැකීම නිවසට පැමිණි පසුව තම මව සමග පවසා ඇත.ඒ අනුව දියණිය සමග ආණමඩුව පොලීසියට පැමිණි මව මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.එම පැමිණිල්ලට අනුව සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත. අතවරයට පත්ව ඇති දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඇත.සැකකරු ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ආණමඩුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
 

More News..