brand logo

පාසල් සිසුන් සහ ගුරුවරුන් PCR පරික්ෂණයට

05 October 2020

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ(04) දිනයේ තහවුරුවූ දිවුලපිටිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවියගේ පාසලේ ඉගෙනුම ලබන සියලුම සිසු සිසුවියන්ට තමන්ගේ නිවෙස් තුලටම වී ස්වයං නිරෝධායනය වන ලෙස ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී ඇත. කොරෝනා ආසාදිත මෙම සිසුවිය අධ්‍යාපනය ලබන පාසලේ ළමුන් 1500කට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි. ඊයේ (04) දින රාත්‍රීය වන තෙක් එම දරුවන්ගේ නිරෝධායන කටයුතුවල මහජන පරීක්ෂකවරු නිරත වු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. සිසුවිය අධ්‍යාපනය ලැබු එම පාසැලේ 11 වසරේ ඉගෙනුම ලබන සිසුන්ගේ සහ උගන්වනු ලැබූ ගුරු භවතුන්ගේ PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත අතර PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත පිරිසගේ ලැයිස්තුව පාසලේ විදුහල්පතිවරයා විසින් අද දිනයේදී ලබාදීමට නියමිත බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.
 

More News..