brand logo

පාසල් සිසුන්ට යළි නිවාඩු

01 February 2022

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ දී පාසල් සඳහා නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන 2022 වසරේ පෙබරවාරි 07 දින සිට මාර්තු මස 05 වැනි දින තෙක් කාලය ආවරණය වන පරිදි එළඹෙන 04 වැනි දින සිට මාර්තු මස 06 තෙක් පාසල් නිවාඩු ලබාදීමට තීරණය කර ඇත. එහෙත් එම කාලය තුළ ප්‍රාථමික ශ්‍රේණි සඳහා නිවාඩු ලබා නොදෙන බව එම නිවේදනයේ සඳහන් වේ. ඒ අනුව මෙම විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ දී ප්‍රාථමික ශ්‍රේණි හා ප්‍රාථමික පාසල් සඳහා නිවාඩු ලබානොදෙන නමුත්, විභාග වාතාවරණය පවත්වාගෙන යාමට බාධාකාරී පාසලක් වේ නම්, අදාළ විදුහල්පතිවරුන් විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මගින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කළ යුතුය. එවැනි පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි සඳහා නිවාඩු ලබාදීමට පළාත් පාලන අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත බලය පවරන බවත් එම කාලය තුළ එවැනි පාසල් සඳහා අදාළ පැවරුම් නිර්දේශ කොට, ඉගෙනුම් ක්‍රමවේද යොදා ගන්නා ලෙසට ද එම නිවේදනයේ දැක්වේ. විභාග රාජකාරි කටයුතු සඳහා පත්කර ඇති ගුරුවරු ඒ සඳහා යොමු කිරීමට ද පියවර ගන්නා ලෙස ද එන නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
 

More News..