brand logo

පාසල් විවෘත කිරීම ගැන විශේෂ සාකච්ඡාවක් අද

26 May 2020

පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් මෙන්ම ප්‍රාථමික සහ ප්‍රධාන පෙළේ පාසල් විදුහල්පතිවරුන්, විභාග කොමසාරිස්වරයා ද මෙම සාකච්ඡාවට සහභාගිවීමට නියමිතයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරි දිනක දී පාසල් ආරම්භ කිරීම සඳහා සුදුසු දිනයක් තීරණ කර දැනුම් දීමෙන් පසු ඊට මුහුණදීම සඳහා විකල්ප කිහිපයකින් යුත් ක්‍රමවේදයක් සකස් කිරීම මෙහි දී සිදුවෙයි. එම ක්‍රමවේදය යෝජනාවලියක් ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා වෙත භාරදීමට නියමිතයි. අනතුරුව අමාත්‍යවරයා විසින් ලබා දෙන නිර්දේශ මත එම සැලැස්ම ක්‍රියාත්මක කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය. මීට පෙර ‘අරුණ’ සමග අදහස් දක්වමින් අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කළේ උසස් පෙළ සිසුන් සඳහා පළමුවෙන් ද දෙවනුව සාමාන්‍ය පෙළ සිසුන් සඳහා ද පාසල් විවෘත කිරීමට දැනට තීරණය කර ඇති බවයි. ඉන් පසුව සෙසු ශ්‍රේණි සඳහා විවෘත කෙරෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.
 

More News..