brand logo

පාසල් විවෘත කරන දිනය මෙන්න

23 September 2021

කොටස් දෙකක් යටතේ පාසල් විවෘත කරන බව වෛද්‍ය ප්‍රසන්න කියයි

පාසල් ආරම්භ කළ යුත්තේ එන්නත්කරණයට පෙර ද පසු ද යන්න පිළිබද තීරණය එන්නත්කරණය සහ වසංගතය සම්බන්ධ විශේෂඥ කමිටුවේ නිර්දේශ අනූව කරන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසිංහ මහතා පවසයි. හෙතෙම මේ අදහස් දැක් වූයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ලෝකයේ තවමත් නිශ්චිත තීන්දුවක් නොමැති අතර ලොව ඇතැම් රටවල් එන්නත්කරණයට පසු පාසල් විවෘත කර ඇති පසු බිමක තවත් රටවල් එන්නත්කරණයට පෙර පාසල් අරඹා ඇති බව ඔහු මෙහිදී සඳහාන් කළා. විශේෂඥ කමිටුවේ නිර්දේශ මත මෙරට කඩිනමින් ආරම්භ කළ හැකි පාසල් ඇරඹීමටත් අනෙකුත් පාසල් එන්නත්කරණයෙන් පසු ඇරඹීමටත් බලාපොරොත්තු වන බව ඔහු වැඩි දුරටත් කියයි.
 

More News..