brand logo

පාසල් පොතට නීතිය එයි

11 February 2020

අධිකරණ අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව අධිකරණ කටයුතු හා රටේ මූලික නීතිය පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කොට තිබේ. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, අධිකරණ කටයුතු හා රටේ මූලික නීති පද්ධතිය පිළිබඳ ප්‍රථම වරට පාසල් සිසුන් දැනුවත් කිරීමේ පාඨමාලාවක් පාසල් විෂය ධාරාවට ඇතුළත් කිරීමට නියමිතය. අධිකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පැවැසුවේ දිවයින පුරා අධිකරණ කටයුතු සඳහා සහභාගිවන සාමාන්‍ය ජනතාව අධිකරණයේ හැසිරිය යුතු ආකාරය පිළිබඳව නොදැනුවත්කමින් නීතියෙන් දඬුවම් පවා ලබන බවයි. මෙම වැඩපිළිවෙළ කරන ලද්දේ නීතිය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා පාසල් සිසුන් ඒ පිළිබඳ තම දෙමව්පියන් දැනුවත් කිරීම මගින් සාමාන්‍ය ජනතාවට අවබෝධයක් ලබාදීමේ පරමාර්ථයෙන් බවද ඇමැතිවරයා කියයි. රංජිත් ගුණවර්ධන
 

More News..