brand logo

පාසල් නොයන ළමුන් ගැන සමීක්ෂණයක්

26 September 2020

පාසල් නොයන ළමුන් සම්බන්ධයෙන් ‍කොළඹ දිස්ත්‍රික්කය තුළ සමීක්ෂණයක් සිදුකිරීමට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ. හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍යවලට අබ්බැහි වීම හේතුවෙන් පාසල් යන වයසේ ළමුන් මෙලෙස පාසල් නොයන තත්ත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වෙයි. මත්ද්‍රව්‍ය වෙළඳාමට සම්බන්ධ වීම ළමුන් පාසල් නොයාමට එක් හේතුවක් පමණක් වී ඇති අතර මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කය තුළ බව සඳහන් වේ. මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන දෙමව්පියන්ගේ දරුවන් මෙන්ම දරුවන් පාසල් යැවීමේ වැදගත්කම පිළිබඳ නිසි අවබෝධයක් නොමැති දෙමාපියන් හේතුවෙන් මෙලෙස දරුවන් පාසල් නොයන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ප්‍රකාශ කරයි. කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය කාර්යාල 13ක පාසල් යායුතු වයසේ සිටින පාසල් නොයන දරුවන් පිළිබඳ මෙම සමීක්ෂණය සිදුකිරීමට නියමිතය.
 

More News..